ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් සති 03කින් දීර්ඝ කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ධවල මන්දිරය තුළ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවයට පැමිණ ඇති බවයි.
ඊශ්‍රායල සහ ලෙබනන තානාපතිවරුන් අතර බ්‍රහස්පතින්දා (23) එක්සත් ජනපදය තුළ පැවති හමුව ඉතා සාර්ථක වූ බවද ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
(colombotimes.lk)
