24 May 2026

logo

පළමුවරට ජපන් සහ ප්‍රංශ නැව් හෝමූස් තරණය කරයි



මැදපෙරදිග යුද්ධය ආරම්භවීමෙන් අනතුරුව පළමුවරට ප්‍රංශය, ජපානය සහ ඕමානයට අයත් යාත්‍රා ඊයේ (03) හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රංශ බහාලුම් නෞකාවක්, ජපානයට අයත් ගෑස් ප්‍රවාහන නෞකාවක් සහ ඕමානයට සම්බන්ධ නෞකා 3ක් මෙලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කළ බවයි. 

එමෙන්ම ඇමරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කිරීමෙන් අනතුරුව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉරානය අවසර දුන් බටහිර රටකට අයත් පළමු නෞකාව වන්නේද ප්‍රංශයට අයත් මෙම බහාලුම් නෞකාව බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)