07 December 2025

logo

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීමේ ස්ථානය ජලයෙන් යටවෙයි



දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම් ස්ථානය ජලයෙන් යටවී තිබෙනවා. 

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ කඩවත දෙසින් පැමිණෙන රථවාහන මෙම තත්ත්වයට මුහුණදී තිබෙන බවයි.

ඒ හේතුවෙන් ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.  

(colombotimes.lk)