හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්දට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් අද (29) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබෙනවා.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේදීයි.
එහිදී අල්ලස් කොමිසමේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කළා.
අනතුරුව වැඩිදුර නඩු විභාගය පෙබරවාරි 18වනදා දක්වා කල් දැමීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථනයේ බිල වශයෙන් රු. 230,000කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.
(colombotimes.lk)