ඇමරිකාවේ චිකාගෝ නුවර පැවැත්වූ පිළිකා විශේෂඥයින්ගේ වාර්ෂික සමුළුවේදී විශේෂ ඖෂධයක් සම්බන්ධයෙන් හෙළිදරව්කර තිබෙනවා.
මෙම ඖෂධය පෙනහළු පිළිකා හේතුවෙන් සිදුවන මරණට පත්වීම් අඩකින් අවම කරන බව සඳහන්.
Osimertinib වර්ගයේ ඖෂධයක් වන මෙය Tagrisso නමින් මිලදී ගැනීමට හැකි බවද ඔවුන් සඳහන් කළා.
මෙම ඖෂධය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණය සඳහා රටවල් 20කට වැඩි ගණනක රෝගයේ මුල් අවධියේ සිටින රෝගීන් 680ක් සම්බන්ධ කරගෙන තිබුණා.
ඉන් අඩකට සාමාන්‍ය ප්‍රතිකාර ලබා දී තිබූ අතර, ඉතිරි පිරිසට නව ඖෂධය ලබා දී තිබෙනවා.
ඒ අනුව මෙම බෙහෙත් පෙති පානය කිරීමෙන් ශල්‍යකර්මයෙන් පිළිකා ඉවත් කළ රෝගීන්ගේ මරණ අවදානම සියයට 51 කින් අඩුවන බව සඳහන්.
පෙනහළු පිළිකා යනු ලොව පුරා සෑම වසරකම ආසන්න වශයෙන් මිලියන 1.8ක පිරිසක් මියයන රෝගයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ වනවිට යුරෝපයෙන් පෙනහළු පිළිකා රෝගීන් සියයට 10%-20% අතර ප්‍රමාණයක් වාර්තා වන අතර ආසියාවෙන් 30%-40%ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බව සඳහන්.
(colombotimes.lk)