නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ළඟතබා ගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා වන රසික විතාන අගෝස්තු 01වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ අද (20) මතුගම මහෙස්ත්‍රාත් අසංකා හෙට්ටියාවත්ත වෙත ඔහුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඊයේ (19) මතුගම ප්‍රදේශයේදී පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)