colombotimes.lk
සිංහල | English

20 April 2024

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විදේශ ගමන් තහනම්



ආණ්ඩු පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන්ට ලබන 24 වන දා පාර්ලිමේන්තු රැස්වීමට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ලිඛිතව දැනුම් දී තිබෙනවා. 

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම එදින පැවැත්වීමට නියමිතයි. 
 
එම ඡන්ද විමසීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා සහභාගී කරවීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන ඇතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය ප්‍රකාශ කළා. 
 
ඒ අනුව මෙම කාලසීමාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විදේශ ගමන් තහනම් කර තිබෙනවා. 
 
එදිනට නොඑන මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමටද තීරණය කර ඇති බව සඳහන්.
(colombotimes.lk)