අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අමාත්‍ය විජිත හේරත් අද (29) කොළඹ මහාධිකරණයට පැමිණ තිබෙනවා.
පිළිගත් ටෙන්ඩර් පටිපාටියට පටහැනි ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයි ප්‍රවර්ධන කටයුතු පෞද්ගලික සමාගම් කිහිපයකට පැවරීම තුළින් රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් එහි හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජට එරෙහිව පසුගිය යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.
එම නඩුවට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ අමාත්‍ය විජිත හේරත්ට අද සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කර තිබුණා.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද සාක්ෂි විභාගය පෙබරවාරි 05 වනදා දක්වා කල් දැමීමටත් එදින අමාත්‍ය විජිත හේරත්ට අධිකරණයේ පෙනී සිටින ලෙසත් නියෝග කළා.
(colombotimes.lk)