දිවයින පුරා පවතින අයපත් කාලගුණයත් සමඟ මාතර දිස්ත්‍රික්කයට සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව මාතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරම ආර ඔය පිටාර ගැලීම හේතුවෙන් මෙලෙස සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බවයි.
මේ හේතුවෙන් කුඹුරුපිටිය කද්දුව මාර්ගය ගොදාව ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙන බවයි.
එම ප්‍රදේශය ආශ්‍රිත පහත් බිම් රැසක්ද ජලයෙන් යටවී තිබෙනවා.
මාතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම සුළු ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යන බවයි.
(colombotimes.lk)
