මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම අරමුණු කරගනිමින් පොලීසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති 'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ සැකකරුවන් රැසක් නීතියේ රැහැනට කොටු කර ගැනීමට පොලීසිය සමත්වී තිබෙනවා.
ඒ අනුව පසුගිය මස 30වනදා සිට ඊයේ (13) දිනය දක්වා වැටලීම් 16,915ක් පොලීසිය විසින් සිදුකර ඇති අතර එම මෙහෙයුම් මඟින් පුද්ගලයන් 16,738ක්ද අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් පුද්ගලයන් 20දෙනෙක් සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුවන් 396දෙනෙක් සම්බන්ධව රැඳවුම් නියෝගද ලබාගෙන තිබෙනවා.
මෙහිදී හෙරොයින් කිලෝ 110 ග්‍රෑම් 556ක්ද, අයිස් කිලෝ 600 ග්‍රෑම් 947, කොකේන් ග්‍රෑම් 10, ගංජා කිලෝ 458 ග්‍රෑම් 216ක්ද පොලිස් භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
