2023 මාර්තු 9 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙනවා.
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 38/1/ඇ උපවගන්තිය ප්‍රකාරවයි.
ඒ අනුව පළාත් පාලන ආයතන 339ක් සඳහා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා ලියාපදිංචි දේශපාලන පක්ෂ 58කින් සහ ස්වාධීන කණ්ඩායම් 329කින් අපේක්ෂකයින් 80,720ක් ඉදිරිපත් වන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 09 වැනි දා උදෑසන 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බව එම ගැසට් නිවේදනයේ සඳහන්.
මැතිවරණ දිස්ත්‍රික් 24 ක තේරීම් භාර නිලධාරීන් විසින් පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ගැසට් නිවේදන 24 ක් නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)