නීතී විරෝධී ලෙස මෙරටට රුගෙන ආ බවට සැක කෙරෙන වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් 2,828ක තොගයක් සමඟ සැකකරුවෙකු නොරොච්චෝලේ සංජීතවත්ත ප්‍රදේශයේදී ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදු කළ විශේෂ ඒකාබද්ධ සෝදීසි මෙහෙයුමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)