පකිස්ථානයේ බලශක්ති අර්බුදය හමුවේ ඉස්ලාමාබාද් අගනුවර පොදු ප්‍රවාහනය නොමිලේ ලබාදීමට තීරණයට කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානය, ඇමරිකාව සහ ඊශ්‍රායලය සම්බන්ධ වී පවතින යුධමය වාතාවරණය හේතුවෙන් හටගෙන ඇති දැඩි බලශක්ති අර්බුදය හමුවේ පකිස්ථාන රජය සිය ජනතාවට සහනයක් සැලසීමට මෙම පියවර ගෙන ඇති බවයි.
එමෙන්ම එළඹෙන සෙනසුරාදා සිට ඉස්ලාමාබාද් අගනුවර සියලුම පොදු සේවා ජනතාවට නොමිලේ ලබාදෙන අතර සහන වැඩ පිළිවෙල සඳහා පකිස්ථාන රුපියල් මිලියන 350ක වියදමක් දැරීමට තීරණය කර ඇති බවද පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)
