colombotimes.lk
සිංහල | English

29 September 2024


මහජන බැංකුවේ YouTube දිනුම් ඇදිමේ ජයග්‍රාකයාට ත්‍යාග පිරි නමයි



මහජන බැංකුවේ YouTube දිනුම් ඇදිමේ ජයග්‍රාකයාට හිමි Apple iPhone 15 Pro Max දුරකතනය පසුගියදා පිරිනමනු ලැබුවා.

ඒ මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදීයි.

එහි වාසනාවන්ත ජයග්‍රාහකයා බවට පත් වුණේ වැලිමඩ පදිංචි සීමාවාසික වෛද්‍ය තරිඳු දහම් මහතායි.

ඒ අනුව ඔහුට හිමි Apple iPhone 15 Pro Max දුරකතනය පිරිනැමීම මහජන බැංකුවේ අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන මහතා අතින් සිදු කෙරුණා.  

මේ තරගය පිළිබඳ නිරන්තරයෙන්ම මහජන බැංකුවේ සමාජ මාධ්‍ය මඟින් දැනුවත් කළ අතර, වෙබ් අඩවියට Screenshot ඉදිරිපත් කළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අතරින් සීමාවාසික වෛද්‍ය තරිඳු දහම් මහතා ජයග්‍රහණය හිමිකරගෙන තිබෙනවා.

(colombotimes.lk)