07 December 2025

logo

පොලිසියේ නිවාඩු අවලංගු වෙයි



වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු පොලිස් නිලධාරීන් සඳහා නිවාඩු සහ දින විවේක අවලංගු කිරීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබෙනවා.

 පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අයහපත් කාලගුණයෙන් පිඩාවට පත් ජනතාවට සේවා සැලසීම වෙනුවෙන් මෙම පියවර ගත් බවයි. 

එමෙන්ම සිය සේවා පොලිස් ස්ථානය වෙත ගංවතුර තත්ත්වය මත හෝ ප්‍රවාහන පහසුකම් නොමැති පොලිස් නිලධාරීන් තමා පදිංචි ලිපිනයේ ආසන්නතම පොලිස් ස්ථානය වෙත ගොස් සේවා ඇරඹිය යුතු බවටයි සියලු පොලිස් නිලධාරීන් වෙත දැනුම්දී ඇත්තේ.



(colombotimes.lk)