colombotimes.lk
සිංහල | English

29 September 2024


ජනපතිවරණයේදී තැපැල් ඡන්ද දාපු අයට මහ ඡන්දෙදි වෙන දේ



2024 නොවැම්බර් 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ තැපෑලෙන් ඡන්දය දීමට අපේක්ෂිත ඡන්ද හිමියන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම නිවේදනයේ සඳහන් වන්නේ පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් සපුරා ඇති, පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම් කළ සියලුම දෙනා මෙම ඡන්ද විමසීම සඳහා නැවතත් ස්වකීය තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බවයි.

එමෙන්ම සියලුම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම 2024 ඔක්තෝම්බර් 1 වනදායින් ආරම්භ වී ඔක්තෝම්බර් 8 වනදායින් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරනවා.

එම නිවේදනය පහතින්...