කුමන තරාතිරමක පුද්ගලයෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ අද (13) පැවති සාකච්ඡාවකදීයි.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ජනතාව වත්මන් රජය කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පළුදුවීමට ඉඩ නොතබන බවයි.
එමෙන්ම දශක 07ක් පුරා රැවටීමට ලක්වූ ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය සුරක්ෂිත කිරීමට සහ රට වඩා යහපත් රටක් කිරීමට තම රජය කොන්දේසි විරහිතව කැපවෙන බවද
ඔහු සඳහන් කළා.
(colombotimes.lk)