ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉතා කෙටි කාලයක් තුළදී අහෝසි කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
ඉතා කෙටි කාලයක් තුළ ත්‍රස්තවාදය අහෝසි කිරීම සඳහා කටයුතු කරන බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම රජයට පැහැදිලි මහජන බලයක් ලැබී ඇති බවත් මර්දන, නීති, අනපනත් යොදා ආණ්ඩු කිරීමට අවශ්‍ය නොවන බවද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)
