එළැඹෙන සතියේදී දිවයිනේ සියලු පළාත් ලේකම්වරුන් කොළඹට කැඳවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න සඳහන් කළේ එහිදී පසුගිය මාස හය පිළිබඳ සමාලෝචනය කරන බවයි.
ඊට අමතරව එහිදී පළාත් සභාවල ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන්ද දීර්ඝව සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)