Ras Laffan ගෑස් මධ්‍යස්ථානයට ඉරානය එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ 'කලාපයේ රටවල් ඉලක්ක කරගනිමින් ඉරානය එල්ල කරන මෙම දරුණු ප්‍රහාර මඟින් සිවිල් වැසියන්, සිවිල් යටිතල පහසුකම් සහ අත්‍යාවශ්‍ය මධ්‍යස්ථාන ඉලක්ක කිරීම හරහා සියලුම සීමාවන් ඉක්මවා ගොස් ඇත.' යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වන බවයි.
මෙම අසාධාරණ ප්‍රහාරවල ප්‍රතිඵලවලින් කලාපය මුදා ගැනීමේ අවශ්‍යතාවය අමාත්‍යාංශය අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර ආරක්ෂාව සහ ස්ථාවරත්වය යළි ඇති කිරීම සඳහා ගැටුම් සමනය කිරීමට කටයුතු කළ යුතු බවද එහි වැඩිදුරටත් සඳහන් වනවා. 
(colombotimes.lk)
