27 September 2022
සිංහල | English

පාසල් දරුවෙකු දිවා ආහාරය සඳහා පොල් මද රැගෙන ඒමේ පුවත අසත්‍යයක්



ආහාර සපයා ගැනීමට මුදල් නොමැතිකම හේතුවන් ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාර සඳහා කළටි පොල්මද රැගෙන ඒමේ සිදුවීමක් පිළිබඳ ජාතික පුවත්පත්වල සහ සමාජ මධ්‍යයන්හි පළවන ප්‍රවෘත්තිය පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබෙනවා. 

 
ඒ අනුව සියලු නිලධාරීන්ගෙන් ලබාගත් තොරතුරු අනුව එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවට කරුණු තහවුරු වී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 
 
සිසුවියක දිවා ආහාරය සඳහා කලටි පොල් අනුභව කිරීමේ සිද්ධිය පදනම් විරහිත නමුත්, එවැනි තත්ත්වයකට මුහුණ දෙන ඕනෑම දරුවෙකුට හෝ පවුලකට සහය වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද එම නිවේදනයේ සඳහන්. 
 
ඒ සඳහා තොරතුරු ලබාදීමට ක්ෂණික ඇමතුම් අංකයක් ලෙස 0114354647 භාවිතා කළ හැකියි.
(colombotimes.lk)