අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව සහ මහ ලේකම් කාර්යාල දුම්රිය ස්ථානය අතර පීලි පැනීමකට ලක්වී තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ එක් මාර්ගයක් අවහිර වී තිබෙන බවයි.
එමනිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයටද බාධා එල්ල වී තිබෙනවා.
(colombotimes.lk)