18 September 2025

logo

මෙරට තුළ ක්ෂය රෝගීන් වාර්තාවීම ඉහළට



පසුගිය වසරට සාපේක්ෂව මෙරට තුළ ක්ෂය රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබෙන බව ක්ෂය රෝග මර්දන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසනවා. 

මේ වනවිට මෙරට තුළ ක්ෂය රෝගීන් 6,000ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් නිරෝගී පුද්ගලයින්ට ක්ෂය රෝගය පැතිරීම සිදුවන බවයි එම වැඩසටහන සඳහන් කළේ. 
 
විශේෂයෙන් කුඩා දරුවන්ට එම බැක්ටීරියාව ශරීර ගතවූ විට දී ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ දුර්වලතා හේතුවෙන් ශරීරයේ නොයෙකුත් අවයවවලට සිදුවන බලපෑමද ඉතා ඉහළ බව සඳහන් වනවා. 
 
ඒ අනුව මෙම වසරේ පළමු කාර්තුව තුළ ක්ෂය රෝගීන් 2,425 දෙනෙකු හඳුනාගෙන ඇති බව ක්ෂය රෝග මර්ධන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඔනාලි රාජපක්ෂ මහත්මිය සඳහන් කළා.
(colombotimes.lk)