රට තුළ උද්ගතව ඇති ආර්ථික හා සමාජීය තත්ත්වය හමුවේ ළමයින් වැඩි වශයෙන් ශ්‍රමිකයන් ලෙස යොදාගැනීමේ අවදානමක් උද්ගතව ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.
එමෙන්ම පාසල් හැර යාම උද්ගත වීම, අඛන්ඩව පාසල් නොයැවීම වැනි තත්ත්වයන් ඉහළ යාමේ හැකියාව පවතින බව එම අධිකාරිය සඳහන් කළා.
පවතින ආර්ථික පීඩනය හමුවේ මුදල් ඉපයීම සඳහා ළමයින් අකමැත්තෙන් හෝ යෙදවීමේ ප්‍රවණතාවක් පවතින බව ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)