ආයුර්වේද දෙපාර්තමේන්තුවේ බලපත්‍රයක් නොමැතිව පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි 3,755ක් සමඟ සැකකරුවෙක් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නුවරඑළිය පොලීසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින්.
එම වෙළඳසැලට නිරන්තරයෙන් මදන මෝදක ගුලි ලබාගැනීමට තරුණ පිරිස් යොමුවන බවට ලද තොරතුරක් මත නුවරඑළිය පොලීසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු සහ මදන මෝදක ගුලි තොගය නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
(colombotimes.lK)
