මුළු දිවයිනටම බලපා තිබෙන දරුණු කාලගුණික තත්ත්වය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වීමට පැමිණි ගුවන් යානා 06ක් මත්තල , ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් සහ කොචින් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ සලාම් ගුවන් සේවයේ ඕ.වී.- 437 මත්තල ගුවන්තොටුපොළ වෙත යොමු කර ඇති බවයි.
අනෙකුත් ගුවන්යානා ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් සහ කොචින් ගුවන්තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
(colombotimes.lk)
