07 December 2025

logo

උඩරට සහ ප්‍රධාන මාර්ගවල දුම්රිය ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට හෙට සිට විශේෂ බස් සේවයක්



උඩරට සහ ප්‍රධාන දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රවේශ පත්‍ර හිමි මගීන් වෙනුවෙන් හෙට (08) සිට විශේෂ බස් සේවයක් ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා පවසනවා.

ඒ අනුව ඔහු සඳහන් කළේ මහනුවර සහ කුරුණෑගල සිට ක්‍රියාත්මක එම බස් රථවල දුම්රිය ප්‍රවේශ පත්‍රයෙන්ද ගමන් කළ හැකි බවයි.

(colombotimes.lk)