ඩෙංගු අධි අවදානම් කලාපවල අද (06) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර සඳහන් කළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 43ක් ඩෙංගු අධි අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවයි.
දිස්ත්‍රික්ක 06ක ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 26,071ක් වාර්තා වී ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම ඇය ජනතාවට දැනුම් දෙන්නේ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්විය හැකි බවයි.
(colombotimes.lk)
