කළු ගඟ ද්‍රෝණිය වෙත මේ වන විට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනයත් සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන දත්ත විශ්ලේෂණයට අනුව ඉදිරි පැය කිහිපය තුළ මහා ගංවතුර තත්ත්වයක් ඇති වන බවට අනතුරු ඇඟවා තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම හා ඇළපාත සහ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල හා අඟලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම්වලට මෙම ගංවතුර තත්ත්වයෙන් බලපෑම් එල්ල වන බවයි.
මෙම ප්‍රදේශවල සිටින ජනතාව සහ ඒ හරහා ගමන් ගන්නා රියදුරන්, මගීන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)
