14 November 2025

logo

සුවසැරිය බලඇණිය 500ක් දක්වා ඉහළ නැංවීමට පියවර



නවීන තාක්ෂණය මුසුකොට සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක් දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. 

ඒ සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා කෙරෙන විශේෂ පුහුණු වැඩසටහනට එක්වෙමින්. 

ඒ සඳහා අවශ්‍ය වූ සැලසුම් සහ ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටන බවත් මෙම ගිලන් රථ සේවාවට ලොව පවත්නා නවීනතම තාක්ෂණය එක් කරමින් නව්‍යකරණයට ලක් කිරීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කර තවත් ගිලන්රථ 100ක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.

එමෙන්ම ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුවෙන් ගිලන් රථ 20ක් ණය ආධාර යටතේත් තවත් ගිලන් රථ 25ක් ලෙස ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිත බවද ඔහු කියා සිටියා. 


(colombotimes.lk)