15 June 2026

logo

සුරේෂ් සලේගේ මෝසම හෙට කැඳවයි



පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ 03වන සැකකරු වශයෙන් නම්කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසම සම්බන්ධයෙන් හෙට (04) කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතිසි නිකුත් කර තිබෙනවා. 

ඒ මෙම මෝසම අද (03) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 

(colombotimes.lk)