01 December 2022
සිංහල | English

පාවෙන අභ්‍යවකාශ තොටුපළකින් අභ්‍යවකාශයට බැලූනයක් පදිමු



පැරෂුටයක් යනු වායුගෝලයක් හරහා යම් වස්තුවක චලිතය මන්දගාමී කිරීමට භාවිතා කරන උපකරණයකි.

මෙය ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ ගුවන් යානයකින් පිටවී ආරක්ෂිතව පොළොවට බැසීමට හැකි ආරක්‍ෂිත උපකරණයක් සහ විනෝදය සඳහා භාවිතා කරන්නක් ලෙසයි.

පැරෂුටයක් සාමාන්‍යයෙන් සැහැල්ලු ශක්තිමත් රෙදි වලින් සාදා තිබෙනවා.

Colorful hot air balloons in sky 01, HD wallpaper | Peakpx

පැරෂුටයක වියන සාමාන්‍යයෙන් ගෝලාකාර හැඩයක් ගන්නා නමුත් සමහර ඒවා සෘජුකෝණාස්‍ර, ප්‍රතිලෝම ගෝලාකාර සහ වෙනත් හැඩයන් වලින් යුක්ත වනවා.

නමුත් පැරෂුටයකට ලඟා විය හැකි උපරිම උස ප්‍රමාණයක් සහ ගමන් කර හැකි දුරක් තිබෙනවා.

අද අපි Colombo Times තුළින් කතා කරන්නේ පැරෂුටයක් ගැන නම් නෙමේ, ඒ හැඩයට සාදන ලද විශේෂ යානයක් ගැනයි.

MS Voyager will be one of a fleet of shipping vessels that will act as a launch pad for Space Neptune, a luxury passenger capsule that will be carried into space by an huge inflated balloon

මෙහි නිර්මාණ කරුවන් මෙය හඳුන්වන්නේ මිනිසුන්ට ගමන් කළ හැකි දැවැන්ත බැලුනයක් ලෙසයි.

නමුත් පැරෂුටයකට වඩා විශේෂ කාර්යයක් මෙමඟින් සිදු කරනවා.

එනම් මෙම දැවැන්ත බැලූනය නිර්මාණය කර ඇත්තේ සංචාරකයින් අභ්‍යවකාශයට යැවීමේ අරමුණින්.

මේ වන විට මෙහි හිමිකරුවන් ඒවා ‘පාවෙන අභ්‍යවකාශ තොටුපළක්’ බවට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.

The entire trips, from launch to the stratosphere to landing, will take a total of six hours to complete ¿ two hours is spent in the stratosphere

පාවෙන අභ්‍යවකාශ තොටුපළ නිර්මාණය කරන්නේ ෆ්ලොරිඩාව පදනම් කරගත් සමාගමක් වන Space Perspective විසින්.

මේ සඳහා ඔවුන් ලොස් ඇන්ජලීස් නැව් සාදන්නෙකු වන Edison Chouest Offshore වෙතින් අඩි 292ක් දිග නැව් යාත්‍රාවක් ලබාගෙන තිබෙනවා.

එම නෞකාව MS Voyager ලෙස නම් කර ඇති බවද සඳහන්.

මෙම නැව් යාත්‍රා සමූහය පාපන්දු ක්‍රීඩාංගනයක විශාලත්වයට සමාන විශාලත්වයකින් යුතු පිම්බුණු බැලූනයකින් අභ්‍යවකාශයට ගෙන යාමට නියමිතයි.

Space Perspective announced it acquired the 292-foot-long shipping vessel from Los-Angeles shipbuilder Edison Chouest Offshore
According to the firm, marine spaceports create ideal launch conditions in two ways - firstly, once launched, the space balloons can move with the sea breeze

මේ සඳහා එම සමාගම මින් පෙර නිෂ්පාදනය කර ඇති සුඛෝපභෝගී මගී කැප්සියුලය වන Space Neptune භාවිතා කරන බවද සඳහන්.

කැප්සියුලය තුළ සිටින විට මගීන්ට පෘථිවියේ අංශක 360 දර්ශන නැරඹීමට හැකි වන අතර ඒ තුළ නාන කාමරයක්, බාර් එකක් සහ Wi-Fi පහසුකම් සමඟ තවත් පහසුකම් ලබා දී තිබෙනවා.


As of July 2022, Space Perspective has already sold 900 tickets, has targeted commercial flights to being in late 2024 and is taking reservations for 2025 as well. Pictured above is a conceptual view of  the interior, showing ample space for passengers and their belongings
The larger capsule allowed for a roomier interior that can hold two more passengers that previous design shown in October of last year, the Florida-based firm announced. Pictured above is a conceptual view of the interior, showing large reclining seats

මෙම සමාගම 2024 වසරේ සිට අභ්‍යවකාශ බැලුන දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම සෑම කැප්සියුලයක්ම පැය හයක කාලයක් අපගේ ග්‍රහලෝකයේ මතුපිට සිට අඩි 100,000 (සැතපුම් 19) පමණ ඉහළින් රඳවා තැබිය හැකියි.

The ultimate balloon ride: Space Perspective will take up to eight space tourists on a $125,000 per person jou ey, 20 miles above Earth

2024 වර්ෂයට අදාළව අභ්‍යවකාශ පියාසැරි සඳහා අවශ්‍ය ටිකට්පත් මේ වන විට විකිණී අවසන් බවද මෙම සමාගම දැනුම්දී තිබෙනවා.

නමුත් පාරිභෝගිකයින්ට තවමත් 2025 සඳහා ඔවුන්ගේ ආසනය වෙන් කරවා ගත හැකි බව සමාගමේ වෙබ් අඩවියේ සඳහන්.

ඒ සඳහා මූලික ගෙවීම වශයෙන් ගැනුම්කරුවන් ඩොලර් 1,000 ක තැන්පතුවක් තැබිය යුතු අතර ඉතිරි ගෙවිය හැකියි.

අභ්‍යවකාශ ඉදිරි දර්ශනය මෙහෙයවනු ලබන්නේ 2019 දී සමාගම ආරම්භ කළ Taber MacCallum සහ Jane Poynter කණ්ඩායම විසිනි.

ඔවුන්ට අනුව සමුද්‍ර අභ්‍යවකාශ තොටුපළවල් ක්‍රම දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමටද බලාපොරොත්තු වනවා.

Space Perspective is currently selling flights on its Space Neptune capsules that will gift voyagers

එපමණක්ද නොව, ලොව පුරා විවිධ ප්‍රදේශවලන් මෙහි දියත් කිරීම් සිදු කිරීමටද ඔවුන් සැලසුම් කර තිබෙනවා.

එමඟින් පාරිභෝගිකයින්ට පෘථිවියේ විවිධ ප්‍රදේශ හරහා ගමන් කිරීමෙන්, විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි බව සඳහන්.

එමෙන්ම මෙම මෙහෙයුමට ලබා දී ඇත්තේ ඉතා සුවිශේෂී නමකි.

ඒ අනුව තාරකා විද්‍යාඥ කාල් සේගන්ගේ ඉල්ලීම පරිදි 1990 පෙබරවාරි 14 වන දින සෞරග්‍රහ මණ්ඩලය හරහා පෘථිවියේ ඡායාරූපයක් ගත් Voyager 1 අභ්‍යවකාශ ගවේෂණ මෙහෙයුම අනුව මෙය MS Voyager ලෙස නම් කර තිබෙනවා.

A spaceport is simply a site for launching and receiving spacecraft - but they are traditionally on land. Florida firm Space Perspective is now buying up shipping vessels to tu  them into

මෙම අභ්‍යවකාශ බැලුනයට පැයට සැතපුම් 12ක වේගයෙන් ගමන් කළ හැකියි.

එමෙන්ම මෙය දියත් කළ අවස්ථාවේ සිට සැතපුම් 19ක් (කිලෝමීටර් 30 - පෘථිවි වායුගෝලයේ දෙවන ස්ථරය) ඉහළට ගමන් කිරීමට පැය දෙකක් පමණ කාලයක් ගත වේ.

පසුව මගීන්ට සෑම දිශාවකටම සැතපුම් 450 ක් තරම් දුරක් දැක ගත හැකි අතර, උපරිම උසට ගමන් කළ පසු මඟීන්ට අභ්‍යවකාශයේ සම්පූර්ණ කළු පැහැය සහ පෘථිවියේ වක්‍රයද දැකගැනීමට හැකිවෙයි.

Passengers will soar 20 miles above the surface and feast their eyes on 360-degree views of Earth while inside a capsule that provides a bathroom and bar
Pictured taken during Space Perspective

පසුගිය ජුනි මාසයේදී, මෙහි පරීක්ෂණ කටයුතු නාසා හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යාබද ස්ථානයක සාර්ථකව දියත් කර තිබෙනවා.

මෙමඟින් අපට දැකගන්න පුළුවන් වන්නේ කවදාවත් හිතපු නැති ස්ථාන වලට ගමන් කිරීමට පහසුකම් ලැබීමයි.

ගමින් ගමට, රටින් රටට යන සංචාරය වෙනුවට තවත් පෘථිවියෙන් තවත් ග්‍රහලෝකයකට යන දවස වැඩි ඈතක නොවේ.

ඒ අනුව විවිධ අත්දැකීම් ලබා ගැනීමට කැමති සංචාරකයින්ගේ මීළඟ නවාතැන අභ්‍යවකාශය වනු ඇති.

මෙහි ඉදිරි කටයුතු පිළිබඳව දැනගැනීමට Colombo Times සමඟ දිගටම රැඳී සිටින්න.
(Vimarshana Samarakoon @ COLOMBO TIMES)