01 December 2022
සිංහල | English

වනිඳුට තවත් උසස්වීමක්



ICC නවතම විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග තවත් ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා. 

 
ඒ අනුව ඔහු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 692 ක් ලබාගනිමි 05 වන ස්ථානයට පැමිණ තිබුණා. 
 
මේ අතර ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රෂීඩ් ඛාන් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 4 වන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.
 
එහි පළමුතැන තවදුරටත් රැඳී සිටින්නේ Josh Hazlewood වීම විශේෂත්වයක්. 
 
මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන මොහමඩ් නබීට හිමිකරගෙන තිබෙනවා. 
 
ඒ ප්‍රසාද ලකුණු 246 ක් ලබාගනිමින්. 
 
මේ අතර විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට සූර්යකුමාර් යාදව් සමත්ව තිබෙනවා.
(colombotimes.lk)