07 December 2025

logo

TVS බයික් සහ BMW බයික් එක වගේ ඇයි ? | EXCLUSIVE



TVS මෝටර් බයිසිකලය BMW විසින් අනුකරණය කළාද? නැත්නම් BMW මෝටර් බයිසිකලය TVS විසින් අනුකරණය කළාද? පසුගිය කාලයේ පුරාම මෝටර් බයිසිකල් ක්ෂේත්‍රය පිළිබඳ අවධානයක් දක්වන බොහෝ අය ප්‍රශ්න කරපු කාරණාවක්. මීට හේතුව තමයි බාහිර පෙනුමින් එකිනෙකට සමාන වූ TVS බයිසිකල් හා BMW බයිසිකල් වෙළෙඳපොළ තුළ දක්නට ලැබීම.  


 


මේ නිසාම මෙම කරුණ පිළිබඳව තොරතුරු සොයා බැලීමට Colombo Times අපි කල්පනා කළා. 

ලොව පුරා සිටින මෝටර් බයිසිකල් ලෝලීන් වෙත නවතම අත්දැකීම් රැගෙන එන 1911 වසරේ සිට මේ දක්වාම වාර්ෂිකව යතුරුපැදි මිලියන 3ක පමණ ප්‍රමාණයක් අලෙවි කරන මිලියන 4කටත් වැඩි නිෂ්පාදන ධාරිතාවක් සහිත ඉන්දීය බහුජාතික සමාගමක් තමයි TVS සමාගම. BMW Motorrad සමාගම 1916 වසරේ සිට මේ දක්වාම ලොව සුපතළ ආකර්ෂණීය රථවාහන නිෂ්පාදනය කරන ජර්මානු සමාගමක්. බැලූබැල්මට ඉන්දියානු TVS සමාගම හා ජර්මානු BMW සමාගම කියන්නේ එකිනෙකට වෙනස් වූ සංසන්දනය කළ නොහැකි සමාගම් දෙකක්. හැබැයි සමාජය තුළ එතරම් ප්‍රසිද්ධ කරුණක් නොවුනත් 2013 වසරේ සිට මේ දක්වාම ලෝකප්‍රසිද්ධ සමාගම් ද්විත්වයක් වන TVS සමාගම හා BMW සමාගම එකිනෙකට එක්ව නිෂ්පාදන කටයුතු කරනවා. ඒ TVS සමාගම හා BMW සමාගම උපායමාර්ගික වශයෙන් 2013 වසරේදී අත්සන් කරන ලද ගිවිසුමත් සමඟින්. එලෙස 2013 වසරේ අත්සන් කරන ලද ගිවිසුම සමඟින් සමාගම් දෙකම අත්කරගත් විශිෂ්ට ප්‍රගතිය හා සාර්ථකත්වය නිසාම 2021 වසරේදී ගිවිසුම නැවත පුළුල් කිරීමට සමාගම් දෙක කටයුතු කළා. ඒ කියන්නෙ 2013 වසරේ සිට මේ දක්වාම TVS සහා BMW හවුල්කාරීත්වය යටතේ වෙළෙඳපොළට ඉදිරිපත් වූ සෑම යතුරුපැදියක්ම සාර්ථකත්වයට පත් වුණා කියන එක. අනාගතයේදීත් මෝටර් බයිසිකල් ලෝලීන්ට නවීන තාක්ෂණික අත්දැකීම් සහිත නිෂ්පාදනයනයන් මෙම හවුල්කාරීත්වය යටතේ නිර්මාණය වේවි. 



ඉන්දියාවේ චෙන්නායිහීදී TVS සමාගම සහ BMW Motorrad සමාගම අතර 2013 අප්‍රේල් මාසයේදී උපායමාර්ගික ගිවිසුම අත්සන් කර තිබෙනවා. එම ගිවිසුමට අනුව BMW සමාගමේ විශේෂඥතාවයෙන් සහ TVS සමාගමේ නිෂ්පාදන හා ඉන්ජිනේරු තාක්ෂණික ශක්තියෙන් යතුරුපැදි ක්ෂේත්‍රයේ විශිෂ්ට නවෝත්පාදනයන් සිදු වනවා. 

මෙම උපායමාර්ගික ගිවිසුමේ ප්‍රතිඵලයක් වශයෙන් BMW G310 R, BMW 310 GS, BMW G310 RR සහ TVS Apache RR310 ඇතුළු නවෝත්පාදන යතුරුපැදි කිහිපයක් වඩාත් සංවර්ධනය කර වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. 






මෙලෙස TVS හා BMW එක්ව නිෂ්පාදනය කරනු ලබන යතුරුපැදි රටවල් 100කට පමණ මේ වන විට සාර්ථකව අපනයන කරනු ලබනවා. නවතම වාර්තාවන්ට අනුව මේ වන විට BMW Motorrad සමාගමේ ගෝලීය නිෂ්පාදනය පරිමාවෙන් 10%ක වැනි ප්‍රමාණයක නිෂ්පාදනයක් සිදු කරන්නේ TVS කර්මාන්තශාලාව තුළ. 2021 වසරේදී තවදුරටත් දීර්ඝ කෙරූ TVS හා BMW උපායමාර්ගික ගිවිසුම, යතුරුපැදි ක්ෂේත්‍රයේ තිරසරභාවය වැඩිදියුණු කිරීමට සහා ගෝලීය වෙළෙඳපොළ අවස්ථා ගවේෂණය කිරීමට වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. 

TVS කර්මාන්තශාලාව තුළ TVS හා BMW සම ඉංජිනේරු තාක්ෂණයෙන් TVS නිෂ්පාදන දායකත්වයෙන් TVS සහා BMW හවුල්කාරීත්වය යටතේ වෙළෙඳපොළට නිකුත් කෙරුණු නවතම යතුරුපැදිය වන්නේ BMW F 450GS යතුරුපැදිය. එය TVS සහ BMW සම ඉංජිනේරු දායකත්වයෙන් නිමවූ 450cc ධාරිතාවෙන් යුක්ත එන්ජිමක් එහි පවතිනවා.





මේ වන විට TVS සහා BMW සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 100කට අධික ප්‍රමාණයකදී මිලදී ගනු ලබන TVS යතුරුපැදියක් නිෂ්පාදනය වන්නේද BMW යතුරුපැදි පවා නිෂ්පාදනය වන TVS කර්මාන්තශාලාව තුළ සහා ඉංජිනේරු දායකත්වය යටතේ වීම සුවිශේෂී කරුණක්. සැබෑ තත්ත්වය එය වුණත් BMW යතුරුපැදි නිෂ්පාදනය වන්නේ ඉන්දීය TVS සමාගමේ කර්මාන්තශාලා තුළ TVS නිෂ්පාදන හා ඉංජිනේරු දායකත්වයෙන් බව ලොව බොහෝදෙනෙක් නොදන්නා රහසක් බවට අනාගතෙයේදීත් පවතීද?



(colombotimes.lk)