30 September 2022
සිංහල | English

එක්සත් ජනපදයේ අභ්‍යවකාශ බලකායට රොබෝ සුනඛයන්



එක්සත් ජනපද අභ්‍යවකාශ බලකාය යනු, එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන්ගේ අභ්‍යවකාශ සේවා සඳහා නිර්මාණය කර ඇති ශාඛාව වනවා. 

 
එය දැනට ලෝකයේ එකම ස්වාධීන අභ්‍යවකාශ බලකාය ලෙසද හැඳින්වෙනවා. 
 
මෙම ඒකකය විසින් සුනඛයන් වැනි හතරැස් හැඩයේ, මිනිසුන් රහිත වාහන වර්ගයක් අත්හදා බලා තිබෙනවා. එම වාහන 'රොබෝ සුනඛයන්' ලෙස හඳුන්වා ඇති අතර පසුගියදා Cape Canaveral අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ආරක්‍ෂක මුර සංචාර සඳහා මොවුන්ව යොදා ගැනුණා. 
 
ඒ අනුව අද අපි කතා කරන්නේ අභ්‍යවකාශ බලකාය විසින් පරික්ෂා කරන ලද මෙම 'රොබෝ සුනඛයන්' පිළිබඳවයි. 
 
Don
 
මෙම රොබෝ සුනඛයෙකු නිපදවීමට ඩොලර් 150,000 (£ 123,000) අතර මිලක් වැයවන බව වාර්තා වනවා. 
 
එමෙන්ම මොවුන් විවිධාකාර දෘශ්‍ය සහ ධ්වනි සංවේදක වලින් සමන්විත බව සඳහන්. මේ පිළිබඳව ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ ප්‍රකාශයට අනුව සැලකිය යුතු මිනිස් පැය ගණනක් ඉතිරි කර ගැනීම සඳහා මොවුන්ව මුර සංචාරට යොදා ගැනෙනවා. 
 
Space Launch Delta 45 යනු Kennedy අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සහ Cape Canaveral වෙතින් සිදුවන සියලුම අභ්‍යවකාශ දියත් කිරීමේ මෙහෙයුම් සඳහා වගකිව යුතු ඒකකයයි. 
 
මෙම ඒකකය විසින් පසුගිය මාසයේ දින දෙකක් යොදා ගනිමින් Vision 60ලෙස හැඳින්වෙන මිනිසුන් රහිත වාහන (Q-UGVs) සහ 'රොබෝ සුනඛයන්' පරික්ෂා කර තිබෙනවා. 
 
මෙය Ghost Robotics තාක්ෂණය භාවිතා කර නිර්මාණය කර ඇති අතර, ඒ අනුව රොබෝවරු ස්වයංක්‍රීයව හෝ මිනිස් පාලකයෙකුට යටත්ව ක්‍රියා කරවීම සිදුකළ හැකියි. 
 
මෙවැනි සුනඛයෙකුට සමාන රොබෝවරුන් මීට පෙර පරිමිතිය ආරක්ෂක කාර්යයන් සඳහා එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් පරීක්ෂාවට ලක් කර තිබුණා. 
 
එමෙන්ම මිලිටරි භාවිතය හැරුණු විට, හදිසි අවස්ථා සහ කාර්මික ස්ථානවල පරීක්ෂා කිරීම් වලදී මෙම යන්ත්‍ර භාවිතා කළ හැකි බව සඳහන්. 
 
Built by Ghost Robotics, the robots can be operated either autonomously or by a human controller
 
මේ පිළිබඳව එහි වෙබ් අඩවියේ දැක්වෙන්නේ : 
'අපගේ ඉලක්කය වන්නේ Q-UGVs අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත් කිරීමයි.' 'එමෙන්ම මෙය සංකීර්ණ පරිසරයන් තුළදී ඇවිදීමට, දිවීමට, බඩගා යාමට, නැඟීමට සහ පිහිනීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම කළ යුතුයි.' 'මෙය දවසින් දවස ක්‍රියාත්මක විය යුතු දෙයක්.' 'අවසානයේදී, අපගේ රොබෝව නිමවිය යුත්තේ අපගේ යුධ භටයින්, කම්කරුවන් සහ K9s අනතුරට පත් නොවන ආකාරයෙන් තබා ගැනීමට හැකි අයුරින්.' යනුවෙනි.
 
They are being used for patrols
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එක්සත් ජනපද හමුදාව විසින් වෙළඳ ප්‍රදර්ශනයකදී මොවුන්ව භාවිතා කර තිබෙනවා. 
 
එහිදී එක් රොබෝ සුනඛයෙකු මිලිමීටර් 6.5 Creedmoor sniper rifle සන්නද්ධව සිටි අතර එමගින් අඩි 3,940 ක් ඈතින් සිට ඉලක්ක වෙත නිශ්චිතව පහර දිය හැකි වී තිබෙනවා. 
 
Ghost Robotics හි දැනට පවතින 'existing 'quadrupedal unmanned ground vehicle' designs' එකක් මත තබා ඇති 'Special Purpose Unmanned Rifle' මඟින් යමක් බෑමට සහ වෙඩි තැබීමට දුරස්ථව සිට උපදෙස් දීමට හැකියි. 
 
කෙසේ වෙතත්, ආයුධයේ නිශ්චිත වින්‍යාසය පිළිබඳව හෝ යන්ත්‍රයට රැගෙන යා හැකි පතොරම් ප්‍රමාණය පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැහැ. 
 
එමෙන්ම දුරස්ථව සිට රොබෝ සුනඛයන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව එක්සත් ජනපද ගුවන් හමුදාව කැමැත්ත පළ කර තිබීම විශේෂත්වයක් වනවා. 
 
මීට අමතරව පරිමිතිය ආරක්ෂාව, බාලදක්ෂ කටයුතු සහ නාගරික යුධ මෙහෙයුම් සඳහා මෙම රොබෝවරු භාවිතා කිරීමට නිලධාරීන් බලාපොරොත්තු වනවා. තවද මෙය මිනිස් සොල්දාදුවෙකුට ආරක්ෂිතව සැරිසැරීමට නොහැකි තරම් කුඩා, තද හෝ අනතුරුදායක විය හැකි අවකාශයන්ට ප්‍රවේශ වීමටද භාවිතා කිරීමට නියමිතයි. 
 
එනම් අනාගතයේ මෙය භාවිතා කරන පරාසය අනුව මුළු ලෝකයේම ආරක්ෂාව මෙම රොබෝ සුනඛයන්ගේ හැසිරීම මත තීරණය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවට දැනටමත් ඉඟි පළ වී තිබෙනවා. 
 
මෙවැනිම තවත් අර්ථවත් දේවල් පිළිබඳව තොරතුරු දැනගන්න Colombo Times සමඟ දිගටම රැඳී සිටින්න.
Vimarshana Samarakoon @ COLOMBO TIMES