24 May 2026

logo

ඉරාන විදේශ අමාත්‍ය සහ ඉරාන බලධාරීන් අතර දුරකථන සංවාදයක්



ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, පාකිස්ථාන බලධාරීන් සමඟ දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාකිස්ථාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය ඉෂාක් ඩාර් සහ පාකිස්ථාන හමුදා අණදෙන නිළධාරී ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර් සමඟ ඉරාන විදේශ අමාත්‍යවරයා මෙලෙස දුරකතන සංවාදයක නිරත වූ බවයි. 

එහිදී සටන් විරාමය, කලාපීය වර්ධනයන් සහ ගැටලු පිළිබදව අවධානය යොමු කර තිබෙනවා. 

මේ අතර ඇමරිකානු හමුදාව විසින් ඉරාන ධජය සහිතව සිය භාරයට ගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාව චීනයෙන් ලැබුණු ත්‍යාගයක් බවට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කළ ප්‍රකාශය චීනය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

චීන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරයා විසින් සිදු කරන ඇතැම් ප්‍රකාශ කිසිදු පදනමකින් තොරව සිදු කරන බවයි. 

(colombotimes.lk)