ලෝක මේසපන්දු ශ්‍රේණිගත කිරීම්හී ශ්‍රී ලාංකිකයෙක් එතෙක් මෙතෙක් පැමිණි ඉහළම ස්ථානය ලබාගත් ක්‍රීඩකයා බවට පත් වූ තාවි සමරවීර සිය යුරෝපා සංචාරය අවසන් කර ඊයේ (16) දහවල් යළි දිවයිනට පැමිණ තිබෙනවා.
අදාළ තරගාවලියේ ඔහු දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ජාත්‍යන්තර මේසපන්දු ශ්‍රේණිගත කිරීම්වල අවුරුදු 11න් පහළ වයස් කාණ්ඩයේ මේ වන විට ලොව 3වන ස්ථානයේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.
ඔහු ඉතාලියේ පැවති ලෝක කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේදී රන් පදක්කම දිනා ගැනීමට සමත්වී තිබෙනවා.
ඉන් අනතුරුව ස්ලෝවෙකියාවේ සහ හංගේරියාවේ පැවති මේසපන්දු තරගාවලි 02කදී ලෝකඩ පදක්කම් දිනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
හංගේරියාවේදී ලෝක ශූර පෝලන්ත ක්‍රීඩකයා පරාජයට පත් කිරීමත් සමඟ තාවිට ලෝක ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානයට පැමිණීමට හැකි වී තිබෙනවා.
(colombotimes.lk)
