colombotimes.lk
සිංහල | English

29 March 2024

ජනාධිපති ජපානයේ නිල සංචාරයක



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 24 වැනිදා සිට 27 වැනිදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.

ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් පැවැත්වෙන බවයි.

එහිදී දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව සඳහන්.

ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සංචාරයක නිරත වන දෙවැනි අවස්ථාව මෙය වනු ඇති.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ජපාන හිටපු අග්‍රාමාත්‍ය, අභාවප්‍රාප්ත ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට ජනාධිපතිවරයා සහභාගී වුණා.
(colombotimes.lk)