විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව සමස්ත විදුලි ගාස්තු අඩු වීම 3%ක ප්‍රතිශතයක් බවයි ඔවුන් කියා සිටියේ.
ජූලි මස පළමුවන දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව සංශෝධන කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය පසුගියදා පියවර ගෙන තිබෙනවා.
විදුලි ගාස්තු අඩුවීම සිදුවන අයුරු පහතින්.,
ඒකක 0 සිට 30 දක්වා - 26.9%
ඒකක 31 සිට 60 දක්වා - 10.8%
ඒකක 61 සිට 90 දක්වා - 7.2%
ඒකක 91 සිට 180 දක්වා - 3.4%
ඒකක 180ට වැඩි - 1.3%
ආගමික ස්ථාන සහ පුණ්‍ය ආයතන - 3.2%
හෝටල් කර්මාන්තය - 12.6%
(colombotimes.lk)