18 September 2025

logo

මනමේ කුමාරයා දිවි ගමන නිම කරයි



එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමරුගේ චරිතය නිරූපණය කළ ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පී පී.ඒ. සුනිල් තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

දොරොව්ව මහා විද්‍යාලයේ නර්තන ආචාර්ය ලෙස කටයුතු කළ ඒ මහතා මියයන විට 52 හැවිරිදි වියේ පසුවුණා. 
 
මනමේ කුමාරයා ලෙස කාගෙත් හැඳින්වීමට ලක්වු ඔහු සිංහබාහු, නරිබෑනා, අසිනි වැස්ස, රූකඩ රාජ්ජේ ඇතුළු වේදිකා නාට්‍ය ගණනාවක දස්කම් දැක්වු ශිල්පියෙකි. 
 
කුරුණෑගල පැවති රූකඩ රාජ්ජේ නර්තනයක යෙදෙමින් සිටිය දී දින කිහිපයකට පෙර ඔහු හදිසියේ රෝගාතුර වී ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 
 
දේහය මේ වනවිට කිතලවලාන බැද්දේගෙදර නිවසේ තැන්පත් කර ඇති බව සඳහන්.
(colombotimes.lk)