නෝර්ටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (18) රාත්‍රියේ සිට අධික වර්ෂාපතනයක් පතිත වී තිබෙනවා.
ඒ හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය අද (19) උදෑසන සිට වාන් දැමීමට පටන්ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ජලාශය වාන් දැමීමත් සමඟ කැලණිගගේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් තිබෙනවා.
නුවරඑළිය ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කළේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවයි.
එලෙස ජල මට්ටම ඉහළයාමත් සමඟ කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්දු යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව ජලාශ භාර ඉංජිනේරුවරුන් සඳහන් කළා.
(colombotimes.lk)