ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට කටුනායක ගුවන් තොටුපොළේදීම තාවකාලික රියදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් ලබන මාසයේ සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ සඳහන් කළේ මෙම වැඩපිළිවෙළහි කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි.
දින 14 සහ 30 යන කාලසීමාවන් සඳහා මෙම තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.