24 May 2026

logo

ට්‍රම්ප් ජාතිය අමතමින් කියූ දේ මෙන්න



ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ හමුදා මෙහෙයුම්වල අරමුණු 'සම්පූර්ණ වීමට ආසන්න' බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. 

ඒ අද (02) වොෂින්ටනයේ සිට ජාතිය අමතමින්.

එහිදී ඔහු කියා සිටියේ ඉදිරි සති කිහිපය තුළ එම කටයුතු අවසන් කරන බවයි. 

එමෙන්ම ඉදිරි සති 2-3 ඇතුළත ඉරානයේ සියලුම විදුලි බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉතා ප්‍රබල ප්‍රහාර එල්ල කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. 

එමෙන්ම ඔහු අනතුරු අඟවා ඇත්තේ මෙම දැවැන්ත ප්‍රහාරයන් හරහා ඉරානය නැවතත් 'ශිලා යුගය' දක්වා ආපස්සට ඇද දමන බවයි.
 
ඇමරිකාව සැලසුම් කළ හමුදා අරමුණු විශාල ප්‍රමාණයක් මේ වන විටත් සාර්ථක වී ඇති බවත් එම කාර්යය නිම කිරීමට තව ඇත්තේ ඉතා සුළු කාලයක් බවත් එහිදී ඔහු කියා සිටියා. 

(colombotimes.lk)