24 May 2026

logo

ට්‍රම්ප්ගේ රුව ඇමරිකානු විදේශ ගමන් බලපත්‍රයට



ඇමරිකානු විදේශ ගමන් බලපත්‍රවල ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව ඇතුළත් කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය එක්සත් ජනපදයේ 250වන නිදහස් සංවත්සරය සැමරීම වෙනුවෙන් නිකුත් කිරීමට නියමිත සීමිත සංස්කරණ විදේශ ගමන් බලපත්‍රයක් බවයි. 

ප්‍රජාතන්ත්‍රවාදී රටක මේ වන විට බලයේ සිටින නායකයෙක්ගේ රුව විදේශ ගමන් බලපත්‍රයක මුද්‍රණය කෙරෙන දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය සැලකෙනවා.

එමෙන්ම එය ඉතිහාසගත සිදුවීමක් විය හැකි බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)