මෙරට රෝහල් පද්ධතිය තුළ හිඟව පවතින ඉන්සියුලීන් වර්ගය ඉදිරි දින 4 ඇතුළත මෙරටට රැගෙන ඒමට කටයුතු සම්පාදනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එහි වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසූරිය සඳහන් කළේ සැපයුම්කරුගේ ලියාපදංචියේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවයි.
එම ගැටලුව මේ වන විට නිරාකරණය කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.
වෛද්‍ය ජී විජේසූරිය කියා සිටියේ ඉන්සියුලීන් මික්ස්ටාඩ් නැමති අදාළ ඖෂධයේ පළමු තොගය ගුවන් මඟින් මෙරටට රැගෙන එන ලෙස උපදෙස් ලබාදුන් බවයි.
එතෙක් සීමිත තොග කළමනාකරණය කරන ලෙසට රෝහල්වලට උපදෙස් ලබාදී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
(colombotimes.lk)