27 September 2022
සිංහල | English

නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 08 දෙනෙකුට එහි සාමාජිකත්වය අහිමිවෙයි



පසුගියදා අමාත්‍ය ධූර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 08 දෙනෙකු ආසන සංවිධායක, දිස්ත්‍රික් නායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික ධුරවලින් ඉවත් කර තිබෙනවා. 

 
ඒ පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්. 
 
මේ බව අදාළ මන්ත්‍රීවරුන්ට ලිපි මගින් දැනුම්දීමට කටයුතු කර ඇති බවයි එම පක්ෂය සඳහන් කළේ. 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 14 දෙනකු පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. 
 
ඒ අතරින් මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර, සුරේන් රාගවන්, චාමර සම්පත් දසනායක, ජගත් පුෂ්පකුමාර, රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් ආණ්ඩුවට සම්බන්ධ වෙමින් අමාත්‍ය ධුර ලබා ගත්තා.
 
ඒ අනුව ඔවුන් නිදහස් පක්ෂයේ මෙතෙක් දැරූ සියලු තනතුරු සහ මධ්‍යම කාරක සභාවේ සමාජිකක්වයෙන් ඉවත් කරනු ඇති. 
 
දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, සාරති දුෂ්මන්ත මිත්‍රපාල, ශාන් විජයලාල් ද සිල්වා සහ අංගජන් රාමනාදන් යන මහත්වරුන් තවදුරටත් නිදහස් පක්ෂය සමග රැඳී සිටිනවා.
(colombotimes.lk)