28 November 2022
සිංහල | English

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්



ශ්‍රී ලංකාවට පාර්සල් එවීමේදී රේගු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතන පමණක් භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා රේගුව විසින් ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා. 

 
සංක්‍රමණික සේවකයන් විසින් එවන ලද පාර්සල් අතුරුදන් වූ බවට හෝ හානි වූ බවට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි රේගු දෙපාර්තමේන්තුව පැවසුවේ. 
 
ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි වී නොමැති නියෝජිතායතන හරහා එවන ලද පාර්සල් අස්ථානගත වී හෝ හානි වී ඇති බවට වාර්තා වන බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. 
 
විදේශයන්හි සිට පාර්සල් යැවීමේදී දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතන පමණක් භාවිත කරන ලෙස ශ්‍රී ලංකා රේගුව සංක්‍රමණික සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)