කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ දිවයින හරහා පවතින නිරිතදිග මෝසම් තත්ත්වය වෙනුවෙන් මධ්‍යම, සබරගමුව, උතුරු සහ උතුරු - මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40 - 50)ක පමණ තද සුළං ඇති විය හැකි බවයි.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ. කි. මී. (30 - 40)ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)
