01 December 2022
සිංහල | English

යුරෝපා සංගමයෙන් මෙරටට මානුෂීය ආධාර



මානුෂීය ආධාර යටතේ යුරෝ මිලියන 1.5ක මුදලක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබෙනවා.

මෙම ආධාර ලබා දීමට පියවර ගෙන ඇත්තේ මෙරට ජනතාවට බලපාන ඇති සමාජ ආර්ථික අර්බුදයට ප්‍රතිචාරක් ලෙස බව සඳහන්.

ජනතාවගේ ක්ෂණික අවශ්‍යතා වන ආහාර සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආරක්ෂාව සඳහා එම මුදල් ලබාදීමට නියමිතයි

එමෙන්ම වඩාත් අවදානම් පවුල් ඒකක වෙත ද එම ආධාර ලබාදීමට විශේෂ අවධානයක් යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ මිලියන ගණනක ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තර්ජනයකට ලක්වෙමින් පවතින අතර සමාජ ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටින බව යුරෝපා සංගමයේ අර්බුද කළමනාකරණය පිළිබඳ කොමසාරිස් ජැනස් ලෙනාචික් වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)