සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම මේ මොහොතේ වැඩක් නොවන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසා තිබෙනවා.
ඒ සමගි ජන බලවේගය සහ ජනාධිපතිවරයා අතර ඊයේ පැවති සාකච්ඡාවේදීයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම රටේ පවතින ගැටලුවලට විසඳුමක් ලෙස තමන් නොදකින බවයි සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ.
අරගලයේ නිරත වූ මහජනතාවගේ ප්රධානතම ඉල්ලීම වූයේ දූෂණය පිටුදැකීම බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
එබැවින් දූෂණයෙන් තොර රටක් ගොඩනැගීම සහ පවතින ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුම් සෙවීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු බව ඔහු සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)